ලංකාවට සම්බන්ධ වූ අධිවේගී SEA-ME-WE 5 කේබලය

     



   SEA-ME-WE යනු අග්නිදිග ආසියාව, මැද පෙරදිග හා බටහිර යුරෝපය (South East Asia–Middle East–Western Europe) හා සම්බන්ද වන අන්තර් ජාල කේබලයකි. මෙවැනි කේබල් POP-TO-POP (Point of Presence)  කේබල් ලෙස හැඳින්වෙනවා.මේ කේබලය පවතින ප්‍රථම හෝ එකම කේබලය නොවේ. මෙසේ විවිධ රටවල් එක්කර තැනූ කේබල SEA-ME-WE 1, 2,3,4 වශයෙන් පවතී මුල්ම SEA-ME-WE  කේබලය පිහිටවූයේ 1985 දී වන අතර එහි වේගය 12Mhz වේ. කිලෝමීටර් 13,500 දිගැති මෙය තඹ කම්බි යොදා ගනිමින් ප්‍රතිසම(Analog) ආකාරයට දත්ත සම්ප්‍රේෂණය කරනු ලැබුවා. මෙම නව කේබලය කිලෝමීටර් 20,000 ක දිගින් යුතුවන අතර තත්පරයට ටෙරාබිට් 24 වේගයෙන් (24 Tbps) දත්ත හුවමාරු කල හැකිය.  එනම් අධි-විභේදන (high-definition) චිත්‍ර පට 4800 ක් එකවර හුවමාරු කිරීමට තරම් හැකියාවක් මෙයින් ලැබෙනවා .ටෙරාබිට් එකක් යනු ගිගාබිට් 1024 කි (ගිගාබයිට් නොවේ. තත්පරයට බිට් යනු දත්ත ගමන් කරන වේගය මනින මිණුමකි) . මෙම කේබලය තුල ෆයිබර් තංතු 3 කින් සමන්විත වේ. . 

      ලංකාව හා සම්බන්ධ වන මේ කේබලය SEA-ME-WE 5 වේ. මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන්නේ 2014 වන අතර මේ වසරේ නොවැම්බරයේ නිමවීමට නියමිතව ඇත .මෙම කේබල් ජාලය "The Happy Submarine Cable System" ලෙස හඳුන්වා ඇති අතර, ඒ SMW 5 ජාලයේ උප සභාපතිව කටයුතු කල චීන ජාතික Happy Zhang සිහිවීමටය. ඇය මෙම ව්‍යාපෘතියට සම්බන්ධව සිටින අවධියේ මලයාසියානු MH-370 ගුවන් අනතුරින් අවාසනාවන්ත ලෙස  මෙලොවෙන් සමුගත් අතර ඇගේ සේවය ඇගයීමක් ලෙස මෙසේ නම් කර ඇත.
      copy by - http://techsayura.blogspot.com/  


Comments

Popular posts from this blog

ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය

පරිගනකයෙන් facebook videocall record කරන්නෙ මෙහෙමයි .(p.c only)

අමතක වුන WI–FI password එක Recovery කර සොයා ගන්නෙ මෙහෙමයි (RooT only)